ඈන් හැතවේ
ඈන් හැතවේ | |
---|---|
උපත | ඈන් ජැකලීන් හැතවේ නොවැම්බර් 12, 1982 |
රැකියාව | නිළියක, ගායිකාවක |
සක්‍රීය වසර | 1999–වර්තමානය |
උපන් නගරය | මිල්බර්න්, නිව් ජර්සි |
කලත්‍රයා(යන්) | ඇඩම් ෂුල්මන් (වි. 2012) |
දරුවන් | 1 |
අත්සන | |
ඈන් ජැකලීන් හැතවේ (උපත 1982 නොවැම්බර් 12) යනු ඇමරිකානු නිළියක සහ ගායිකාවකි. නිව් යෝක්හි බෲක්ලින්හි උපත ලද ඇය හැදී වැඩුණේ නිව් ජර්සියේ මිල්බර්න්හි ය. හැතවේ රංගනය කෙරෙහි යොමුවූයේ ඇගේ මවගේ බලපෑම මත වන අතර, උසස් පාසල් ශිෂ්‍යාවකව සිටි සමයේ ඇය උසස් පාසල් නිළියකගේ හොඳම රංගනය සඳහා පේපර් මිල් ප්ලේහවුස් නැගී එන තරුව සම්මානය සඳහා නිර්දේශ වූයේ වන්ස් අපොන් අ මැට්‍රස්හි ඇගේ රංගනය වෙනුවෙනි. ඇය වෘත්තීමය වශයෙන් තිර ප්‍රවේශය සනිටුහන් කළේ කෙටි-කාලීන ෆොක්ස් රූපවාහිනී කතාමාලාවක් වූ ගෙට් රියල් (1999–2000) තුළිනි. පසුව ඇය ඩිස්නි ප්‍රහසන චිත්‍රපටයක් වූ ද ප්‍රින්සස් ඩයරීස් (2001) චිත්‍රපටයේ මියා තර්මොපොලිස් නම් ප්‍රධාන චරිතය නිරූපණය කළා ය. මේ වෙනුවෙන් ඇය තේරීම චිත්‍රපට නිළිය සඳහා යොවුන් තේරීම සම්මානය – ප්‍රහසන සම්මානය හිමි කරගත්තා ය. නිකොලස් නිකල්බි (2002), එලා එන්චෑන්ටඩ් (2004), ද ප්‍රින්සස් ඩයරීස් 2: රෝයල් එන්ගේජ්මන්ට් (2004), සහ හුඩ්වින්කඩ්! (2005) තුළ ඇගේ රංගනය වෙනුවෙන් හැතවේ "ළමයින් සඳහා චරිත නිරූපිකාවක" ලෙස පුළුල් පැසසුමට ලක්වූවා ය.
2005දී හැතවේ වඩා වැඩිහිටි චරිත කරා සංක්‍රමණය සනිටුහන් කළ අතර හැවොක් (2005) චිත්‍රපටය වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා ඩීවීඩී විශිෂ්ට සම්මානය හිමිකරගත්තා ය. විචාරක පැසසුමට පත් බ්‍රෝක්බැක් මවුන්ටන් (2005) හි ඇගේ රංගනය වෙනුවෙන් ඇය ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මානය සඳහා නිර්දේශ වූවා ය. ඇය තවදුරටත් ජනාදරයට පත්වූයේ මෙරිල් ස්ට්‍රීප් සමග ද ඩෙවිල් වෙයාර්ස් ප්‍රාඩා (2006) චිත්‍රපටයේ රංගනය නිසායි. බිකමිං ජේන් (2007) චිත්‍රපටයේ ජේන් ඔස්ටින්ගේ චරිතය නිරූපණය වෙනුවෙන් ඇය නිළියකගේ හොඳම නිරූපණය සඳහා වූ BIFA නිර්දේශයක් හිමි කරගත්තා ය. රේචල් ගෙටිං මැරීඩ් (2008) චිත්‍රපටයේ පුනරුත්ථාපනය වන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූ කාන්තාවකගේ චරිතය නිරූපණය වෙනුවෙන් හැතවේ විචාරක ප්‍රශංසා හිමි කරගත්තා ය. මේ සඳහා ඇය හොඳම නිළිය සඳහා විචාරක තේරීම් චිත්‍රපට සම්මානය හිමි කරගත් අතර, ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ්, ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ්, සහ ඉන්ඩී ස්පිරිට් සම්මාන සඳහා නිර්දේශ වූවා ය. බ්‍රයිඩ් වෝර්ස් (2009) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය සිය දෙවන තේරීම් චිත්‍රපට නිළිය සඳහා යොවුන් තේරීම් සම්මානය – ප්‍රහසන සම්මානය හිමි කරගත්තා ය. 2010දී ඇය බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා බිඳහෙළූ වැලන්ටයින්’ස් ඩේ, ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් සහ ලව් ඇන්ඩ් අදර් ඩ්‍රග්ස් චිත්‍රපටවල රංගනයෙන් දායක වූවා ය. මින් අවසානයට සඳහන් කළ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා සැටලිය්ට් සම්මානය හිමි කරගත් අතර, හොඳම නිළිය සඳහා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය – සලරූ ප්‍රහසන හෝ සංගීතමය සම්මානය සඳහා නිර්දේශ වූවා ය.
2011දී, හැතවේ රියෝ සජීවීකරණ චිත්‍රපටයේ ජුවෙල්ගේ චරිතය සඳහා හඬකැවූ අතර, ජේම්ස් ෆ්‍රැන්කෝ සමග 83වන ඇකඩමි සම්මාන උළෙල මෙහෙයවූවා ය. 2012දී ඇය ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ද ඩාර්ක් නයිට් රයිසස් චිත්‍රපටයේ කැට්වුමන්ගේ චරිතය නිරූපණය කළ අතර ඒ වෙනුවෙන් ඇය හොඳම සහාය නිළිය සඳහා සැටර්න් සම්මානය හිමි කරගත්තා ය. එම වර්ෂයේම ටොම් හූපර්ගේ ලෙස් මිසෙරබල්ස් චිත්‍රපටයේ ඇය නිරූපණය කළ ෆැන්ටීන්ගේ චරිතය වෙනුවෙන් ඇය පැසසුමට පත් අතර, හොඳම සහාය නිළිය සඳහා වන ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ්, BAFTA, සහ SAG සම්මාන හිමි කරගත්තා ය. අනතුරුව හැතවේ රියෝ 2 (2014), ඉන්ටර්ස්ටෙලර් (2014), ද ඉන්ටර්න්| (2015) චිත්‍රපට සඳහා සිය දායකත්වය සැපයූ අතර , ඇලිස් තෲ ද ලුකිං ග්ලාස් (2016) චිත්‍රපටයේ ඇගේ සුදු රැජිනගේ චරිතය නැවතත් නිරූපණය කළා ය.
පීපල් සඟරාව විසින් හැතවේ 2001 වර්ෂයේ කැපීපෙනෙන නිළියන් අතුරින් අයකු ලෙස නම් කළ අතර,[1] 2006දී ඇය ලොව රූමත්ම පුද්ගලයන් 50 දෙනාගේ ලැයිස්තුවට ද ඇතුළත් විය.[2] රෆායෙලෝ ෆොලියෙරි සමග සිව් වසරක සම්බන්ධතාවයෙන් පසුව, හැතවේ 2002දී ඇඩම් ෂුල්මන් සමග විවාහ වූවා ය. 2016 මාර්තු මස ඇය පුත්‍රයකු බිහිකළා ය.
නිර්මාණ දායකත්වය
[සංස්කරණය]චිත්‍රපට
[සංස්කරණය]වර්ෂය | තේමාව | චරිතය | සටහන් |
---|---|---|---|
2001 | ද ප්‍රින්සස් ඩයරීස් | මියා තර්මොපොලිස් | |
2001 | The Other Side of Heaven | ජීන් සැබින් | |
2002 | Nicholas Nickleby | මැඩ්ලින් බ්‍රේ | |
2003 | The Cat Returns | හරු යොෂියෝකා (හඬ) | ඉංග්‍රීසි හඬකැවුම |
2004 | Ella Enchanted | ෆ්‍රෙල්හි එලා | |
2004 | ද ප්‍රින්සස් ඩයරීස් 2: රෝයල් එන්ගේජ්මන්ට් | මියා තර්මොපොලිස් | |
2005 | Hoodwinked! | රෙඩ් පකට් (හඬ) | |
2005 | Havoc | ඇලිසන් ලැන්ග් | |
2005 | Brokeback Mountain | ලුරීන් නිව්සම් ට්විස්ට් | |
2006 | The Devil Wears Prada | ඇන්ඩ්‍රියා "ඇන්ඩි" සැච්ස් | |
2007 | බිකමිං ජේන් | ජේන් ඔස්ටින් | |
2008 | Get Smart | ඒජන්ට් 99 | |
2008 | Rachel Getting Married | කිම් බච්මන් | |
2008 | Passengers | ක්ලෙයා සමර්ස් | |
2009 | Bride Wars | එමා ඇලන් | |
2010 | Valentine's Day | ලිස් කරන් | |
2010 | ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් | මාර්මෝරියල්හි මිරානා / සුදු රැජින | |
2010 | Love & Other Drugs | මැගී මර්ඩොක් | |
2011 | රියෝ | ජුවෙල් (හඬ) | |
2011 | One Day | එමා මෝර්ලි | |
2012 | The Dark Knight Rises | සෙලීනා කයිල් / කැට්වුමන් | |
2012 | Les Misérables | ෆැන්ටයින් | |
2013 | Don Jon | එමිලි ලොම්බාර්ඩෝ | පසුබිම් රංගනය |
2014 | Song One | ෆ්‍රැනී එලිස් | නිෂ්පාදකවරිය ද වේ. |
2014 | රියෝ 2 | ජුවෙල් (හඬ) | |
2014 | Don Peyote | සත්‍යයේ නියෝජිතවරිය | පසුබිම් රංගනය |
2014 | Interstellar | ඇමීලියා බ්‍රෑන්ඩ් | |
2015 | The Intern | ජූල්ස් ඔස්ටින් | |
2016 | ඇලිස් තෲ ද ලුකිං ග්ලාස් | මාර්මෝරියල්හි මිරානා / සුදු රැජින | |
2016 | Colossal | ග්ලෝරියා | |
2018 | Ocean's Eight | ඩැෆ්නි ක්ලූගර් | පශ්චාත්-නිෂ්පාදනය |
රූපවාහිනිය
[සංස්කරණය]වර්ෂය | තේමාව | චරිතය | සටහන් |
---|---|---|---|
1999–2000 | Get Real | මේගන් ග්‍රීන් | කථාංග 22ක |
2007 | Elmo's Christmas Countdown | ඇය ලෙසම | රූපවාහිනී විශේෂ |
2008–12 | Saturday Night Live | ඇය ලෙසම (නිවේදිකා) | කථාංග 3ක |
2009–12 | ද සිම්ප්සන්ස් | ජෙනී / පෙනිලොපි කුමරිය (හඬ) | කථාංග 3ක |
2010–11 | Family Guy | මැගී මව්තුමිය / හොට් බ්ලොන්ඩ් (හඬ) | කථාංග 2ක |
2011 | 83වන ඇකඩමි සම්මාන | ඇව ලෙසම (සම-නිවේදක) | රූපවාහිනී විශේෂ |
2015 | HitRecord on TV | විවිනා වයිරස් | කථාංගය: ""Re: The Number Two" |
2015 | Lip Sync Battle | ඇය ලෙසම | කථාංගය: "Anne Hathaway vs. Emily Blunt" |
වේදිකා
[සංස්කරණය]වර්ෂය | තේමාව | චරිතය | සටන් |
---|---|---|---|
2009 | Twelfth Night[3] | වියෝලා | ඩෙලාකෝර්ටි තියටරය |
2015 | Grounded | නම් නොලද ගුවන් නියමුවරිය | ද පබ්ලික් තියටර් |
ගීත දායකත්වය
[සංස්කරණය]සටහන්ගත ගීත
එලා එන්චෑන්ටඩ්හි ඇගේ ගීත සඳහා, බලන්න: එලා එන්චෑන්ටඩ් ධ්වනිපථය සඳහා පථ ලැයිස්තුකරණය
තේමාව | වර්ෂය | උච්ච සටහන් අගයයන් | ඇල්බමය | ||||
---|---|---|---|---|---|---|---|
කැන. [4] |
ස්පාඤ්. [5] |
අයර්. [6] |
එ.රා. [7] |
එ.ජ. [8] | |||
"I Dreamed a Dream" | 2012 | 77 | 21 | 26 | 22 | 69 | Les Misérables: Highlights from the Motion Picture Soundtrack |
ආරාධිත නිරූපණයන්
ගීතය | වර්ෂය | ශිල්පියා | ඇල්බමය |
---|---|---|---|
"Don't Go Breakin' My Heart" | 2004 | ජෙසී මැකාර්ට්නි සහ ඈන් හැතවේ | Ella Enchanted (ධ්වනිපථය) |
"You Make Me Feel Like Dancing (Remix)" | ඈන් හැතවේ | ||
"Somebody to Love" | ඈන් හැතවේ | ||
"Great Big World" | 2005 | ඈන් හැතවේ | හුඩ්වින්ක්ඩ් (සැබෑ සලරූ ධ්වනිපථය) |
"Take, O Take Those Lips Away" | 2009 | ඈන් හැතවේ සහ ඉල්රියන් මාර්චිං සංගීත කණ්ඩායම | Twelfth Night |
"Full Phathom Five" | ඈන් හැතවේ, හෙම් සහ ඕඩ්‍රා මැක්ඩොනල්ඩ් | ||
"Come Away Death" | ඈන් හැතවේ, ඩේවිඩ් පිටූ, රාවුල් එස්පාර්සා සහ ඉලිරියන් මාර්චිං සංගීත කණ්ඩායම | ||
"Real in Rio" | 2011 | ඈන් හැතවේ, ජෙසී අයිසන්බර්ග්, ජේමී ෆොක්ස්, ජෝර්ජ් ලෝපෙස්, විල්.අයි.ඈම්, සහ ද රියෝ සිංගර්ස් සමග හොලිවුඩ් | රියෝ (චිත්‍රපටය) |
"Hot Wings (I Wanna Party)" | ඈන් හැතවේ, විල්.අයි.ඈම්, ජේමී ෆොක්ස් | ||
"At the End of the Day"[9] | 2012 | හියු ජැක්මන්, ඈන් හැතවේ, ෆෝර්මන්, ෆැක්ටරි ගර්ල්ස් සහ පිරිස | Les Misérables: Highlights from the Motion Picture Soundtrack |
"I Dreamed a Dream"[9] | ඈන් හැතවේ | ||
"Epilogue"[9] | ඇමැන්ඩා සෙයිෆ්‍රීඩ්, ඈන් හැතවේ, කොල්ම් විල්කින්සන්, එඩී රෙඩ්මේන්, හියු ජැක්මන් | ||
"What is Love" | 2014 | ජැනෙල් මොනේ, ජේමී ෆොක්ස්, ඈන් හැතවේ, ජෙසී අයිසන්බර්ග් | රියෝ 2 |
"Don't Go Away" | ඈන් හැතවේ සහ ෆ්ලේවියා මේයා | ||
"At The Ballet" (A Chorus Line තුළ) | 2016 | බාබ්‍රා ස්ට්‍රයිසෑන්ඩ්, ඩේසි රිඩ්ලි, ඈන් හැතවේ | Encore: Movie Partners Sing Broadway |
සම්මාන සහ නිර්දේශ
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Anne Hathaway". movietome.com. December 17, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 9, 2006.
- ^ "Anne Hathaway". People. සම්ප්‍රවේශය October 10, 2008.
- ^ {{cite web|url=http://www.lortel.org/lla_archive/index.cfm?search_by=people&first=Anne&last=Hathaway&middle= |title=Lortel Archives-The Internet Off-Broadway Database |publisher=Lortel.org |accessdate=February 25, 2012}}
- ^ "Week of 12, January 2013: Biggest Jumps". Billboard. සම්ප්‍රවේශය January 13, 2013.
- ^ "Anne Hathaway - "I Dreamed a Dream"". PROMUSICAE/spanishcharts.com. සම්ප්‍රවේශය January 13, 2013.
- ^ "GFK Chart Track". Irish Recorded Music Association. January 18, 2013. සම්ප්‍රවේශය January 19, 2013.
- ^ "2013 Top 40 Official UK Singles Archive". Official Charts Company. January 26, 2013. සම්ප්‍රවේශය January 23, 2013.
- ^ "Weekly Chart Notes: Anne Hathaway, Anna Kendrick get in the act of charting". Billboard. January 4, 2013. සම්ප්‍රවේශය January 13, 2013.
- ^ a b c "Les Misérables: Highlights from the Motion Picture Soundtrack". Amazon. සම්ප්‍රවේශය January 13, 2013.
බාහිර සබැඳි
[සංස්කරණය] ඈන් හැතවේ ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
- ඈන් හැතවේ සඳහා IMDb හි ඇති තොරතුරු
- ඈන් හැතවේ සඳහා ටීසීඑම් මූවී ඩේටාබේස් හි ඇති තොරතුරු
- ඈන් හැතවේ සඳහා ෆේස්බුක් තුළ ඇති ගිණුම
- ඈන් හැතවේ සඳහා ඉන්ස්ටග්‍රෑම්හි ඇති ගිණුම
- සැකිල්ල:Mojo name
- ඈන් හැතවේ සඳහා රොට්න් ටොමැටෝස් හි ඇති තොරතුරු
- සැකිල්ල:Allmusic
- ඈන් හැතවේ discography at Discogs
- ඈන් හැතවේ සඳහා ඉන්ටර්නෙට් බ්‍රෝඩ්වේ ඩේටාබේස් හි ඇති තොරතුරු
- ඈන් හැතවේ සංරක්ෂණය කළ පිටපත 2017-03-01 at the Wayback Machine සඳහා ඉන්ටර්නෙට් ඕෆ්-බ්‍රෝඩ්වේ ඩේටාබේස්හි ඇති ගිණුම
- Turner Classic Movies person ID same as Wikidata
- TCMDb name template using numeric ID
- Internet Broadway Database person ID same as Wikidata
- Articles with IBDb links
- 1982 උපත්
- 20වන සියවසේ ඇමරිකානු නිළියෝ
- 21වන සියවසේ ඇමරිකානු නිළියෝ
- නිව් ජර්සිහි නිළියෝ
- නිව් යෝක් නගරයේ නිළියෝ
- ඇමරිකානු චිත්‍රපට නිළියෝ
- ඉංග්‍රීසි සම්භවයක් සහිත ඇමරිකානු ජනයා
- ප්‍රංශ සම්භවයක් සහිත ඇමරිකානු ජනයා
- ජර්මන් සම්භවයක් සහිත ඇමරිකානු ජනයා
- අයිරිෂ් සම්භවයක් සහිත ඇමරිකානු ජනයා
- ඇමරිකානු වේදිකා නිළියෝ
- ඇමරිකානු රූපවාහිනී නිළියෝ
- ඇමරිකානු හඬ නිළියෝ
- හොඳම සහාය නිළිය BAFTA සම්මාන ජයග්රාහිකාවෝ
- හොඳම සහාය නිළිය ගෝල්ඩන් ග්ලෝබ් (චිත්‍රපට) ජයග්රාහිකාවෝ
- හිටපු රෝමානු කතෝලිකයෝ
- ජීවත්වන්නෝ
- බෲක්ලින්හි සංගීතඥයෝ
- නිව් ජර්සියේ මිල්බර්න්හි ජනයා
- හොඳම සහාය නිළිය ඇකඩමි සම්මාන ජයග්රාහිකාවෝ
- ඇමරිකානු ගායිකාවෝ
- වැසර් කොලීජියේ අදිශිෂ්යයෝ
- නිව් යෝක් විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍යයෝ
- ඇමරිකානු ක්‍රිස්තියානුවෝ